Thursday, November 1, 2012

ඔයා යන්න....


 ජීවිතේ හුගාක් බලාපොරොත්තු තිබ්බා..... ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ ඒ බලාපොරොත්තු හුගාක් වැඩි වුනා.... ඔයත් මට අහසට උසට මහා බලාපොරොත්තු කන්දක් දුන්නා.... ඔයා දුන්න ඒ බලාපොරොත්තු වලට ලස්සන පාට විතරක් නෙවේ ඒ හීන වලින් ඉගිල්ලෙන්න මට අත්තටුත් දුන්නා..... මමත් ඒ හීන මහා ආදරේකින් තුරුල් කරගත්තේ, බදා ගත්තේ ඒ හීන වලටත් වඩා මම ඔයාට ආදරේ කරන හින්දයි.... හිත ඇතුලෙන් ඔයා වෙනුවෙන් මහා ආදරයක් උතුරා ගලද්දි ඒ ආදරේට වාන් දාලා නවත්ත ගන්න මට බැරි වුනා.... මහ බැම්මක් බැන්දත් මට මගේ හිතේ ඔයාට තිබුණ ආදරේ නවත්ත ගන්න බැරි වෙලා තිබුනා.... 
ඒත අපි දෙන්නා එකතු වෙලා මහා ආදරේකින් ගොඩ නගපු බලාපොරොත්තු හීන අරමුණු එතකොට ආදරේ සෙනෙහස උණුහුම මේ හැමදේමඔයා මගෙන් ආපහු ගත්තා..... ඒ වෙනුවට දුක වේදනාව සංතාපය පාළුව තනිකම මගේ ළගින් තියලා ඔයා මගේ ළගින් යන්න ගිහිල්ලා..... සමහර විට ඔයා හිතන්න ඇති මට දුන්න නියම දඩුවම මාව දාලා යන එක කියලා..... 

ඇත්ත ඔයා හරියටම හරි, ඔයා මට මේ දීලා තියෙන්නේ මට දෙන්න පුළුවන් උපරිම දඩුමව.... හැබැයි මම මේ දඩුවම බාර ගන්නේ සතුටක් විදියට..... ඔයා වෙනුවෙන් කියලා මම කියන්නේ නැ.... ඒත් හදවතින් කරපු මගේ අවංක ආදරේ වෙනුවෙන් වෙනුවෙන් ඔයා දුන්න සුන්දර අතීතයත් එක්ක මගේ ඇස් පියවෙන කල් ජීවත් වෙනවා.... 
මට එක දෙයක් අදහන්න බෑ තාමත්..... මම වෙනුවෙන් කැප වෙලා පේ වෙලා හැමදේම කරලා උන්න ඔයා මේ තරම් ඉක්මනට වෙනස් වුනේ කියලා...... ඒත් ඔයා නොකියම මගේ ජීවිතේට ආවා වගේම නොකියම මගේ ජීවිතෙන් යන්න ගිහිනුත් තිබුණා.... ඔයා නැතිව මට ජීවත් වෙන්න බෑ කියලා කියන්න තරම් මම බොළද නෑ.... මම එයා නැතිව මගේ හැම ඉලක්කයකටම යනවා..... හැබැයි මගේ ජීවිතේ සර්ව සම්පුර්ණ එකක් වෙන්නේ නැති වෙයි.... ඇයි දන්නවද................? 
ඔයාට පණටත් වඩා ආදරේ කරපු මේ හිතින්, ඔයාව බදාගෙන තුරුල් කර ගත්තු මේ අත් දෙකෙන්, ඔයාගේ උණුහුම හිර කර ගත්ත මගේ හදවතින්.... මට තව කෙනෙක් ළගට යන්න බෑ..... ඔයා මගේ ළග නොහිටියත් මට වෛර කරත් මගේ හිතේ මේ ඇස් දෙක පියවෙන කල් ලියලා තියෙන්නේ ඔයාගේ නම විතරයි..... මට ඔයාව මගේ හිතෙන් එළියට ඇදලා විසික් කරන්න බෑ..... පැය ගණන් දවස් ගණන් මම වෙනුවෙන් කැප වෙලා උන්න ඔයාට දැන් මම වෙනුවෙන් කැප වෙන්න එක තත්පරයක්වත් නෑ කියලා මහ දුකක් හිතට දැනෙනවා..... 
ඔයා යන්න.... යන්නම යන්න.... හැබැයි ආයි වැරදිලාවත් මගේ ජීවිතේට එන්න එපා.... ඔයා මගේ මතකයේ හැමදාම හිටියත් ඔයාට ආපහු මගේ ළගට එන්න තහනම්.... මගේ මතකයේ ඔයාව හැමදාම තියාගෙන මගේ ජීවිතේ ගෙනියන්න මට පුළුවන්...... 
ඔයාගේ ජිවිතේ සතුට හොයන් යන්න.... මොන දේ කලත් පරිස්සම්න් ඉන්න.... 
ඔයා හැමදාම මගේ හිත ඇතුලේ ඉන්නවා..... ඒ සදාකාලිකවම..... 
එදා වගේම මම අදත් ඔයාට ආදරේයි.... ඇයි දන්නවද එදා වගේම අදත් මගේ එකම හීනේ ඔයාම විතරක් වෙන හින්දා......


                                                                                                              තාරා

7 comments:

සචිත් said...

මෙ අපෙ තාරා අක්කද ජයම වෙවා එල එල

Unknown said...

ඔහොම හිතන තවත් අය නැතුවම නෙමෙයි.... :)

Sajith Rupasinghe said...

Very sensitive one thara.Really touching.

Anonymous said...

wooow.....nice dear...

Rayan Amarasinghe said...

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...

Indimal Silva said...

Niyamai thara

Nirmani Buddhadasa said...

thara why z dz

Post a Comment