අන්සතු වන්නට නුදුරේ මග බලනා
බලා සිටිනු කෙලෙසක
දෙනෙතින් කදුළැලි උල්පත් ගලනා
හද රිද්දනවා - මතකයේ රැදෙමින්
නෙත් හඩවනවා -හදවතේ ඇදෙමින්
මා මියැදෙනවා -ඇය ගැන සිතමින්
ඇය හිනැහෙනවා -ඔහු ගැන සිතමින්
මතකයට පමණක් උරුම වූ අයිතියකි
අඩ අදුරේ තනි වී - මා තුරුලේ විඳි උණුසුම
සැබෑවට වෙනතක අත පැටලී යාවි
එළිමහනේ එක් වී -ඔහු තුරුලේ සැනසේවි
ෙවෙර නොකලෙමි - මතුද නොකරමි
ආදරේ මෙයම බව - හදුනාගතිමි අද
පතනෙමි හදවතින් - සෙනෙහසේ නාමයෙන්
සොදුරු අනාගතයකට -දිගාසිරි සුබ පැතුම් !!!
පබදුම - නිපුන් සඳරු වත්තුහේවා







0 comments:
Post a Comment