Friday, May 3, 2013

අම්බලමක් ..

ලස්ස්සන 
පුංචි ගේ 
පොඩ්ඩක් 
වෙන්න 
හීන දැකපු 
මම අද 
පිං තාලිය 
විතරක් ඇති  
අම්බලමක් .. 
ඒ  ඔයාට 
පින් සිද්දවෙන්න  .....
           - නිපුන් -
more »

Sunday, February 10, 2013

තහනම් පෙම

තහනම් පෙමකි ඇය 
 අන්සතු වන්නට  නුදුරේ  මග බලනා 
බලා  සිටිනු  කෙලෙසක 
 දෙනෙතින් කදුළැලි  උල්පත් ගලනා 

හද රිද්දනවා - මතකයේ රැදෙමින් 
නෙත් හඩවනවා -හදවතේ  ඇදෙමින් 
මා  මියැදෙනවා -ඇය  ගැන සිතමින් 
ඇය හිනැහෙනවා -ඔහු  ගැන සිතමින්

මතකයට  පමණක් උරුම වූ  අයිතියකි 
අඩ අදුරේ තනි වී - මා  තුරුලේ   විඳි  උණුසුම
සැබෑවට  වෙනතක  අත  පැටලී යාවි 
එළිමහනේ  එක් වී -ඔහු  තුරුලේ  සැනසේවි 

 ෙවෙර නොකලෙමි - මතුද  නොකරමි 
ආදරේ  මෙයම බව - හදුනාගතිමි  අද 
පතනෙමි හදවතින් - සෙනෙහසේ  නාමයෙන් 
සොදුරු අනාගතයකට -දිගාසිරි සුබ  පැතුම් !!!
                                    පබදුම - නිපුන් සඳරු වත්තුහේවා                   
more »

Wednesday, January 16, 2013

සිහිනය


සිහිනයක් වූ ඔබ 
සබැවක්ව පැමිණ 
 නැවත සිහිනයක්ම 
වන්නට තනන
 මොහොතක
දරන්නට සවිය නැති ,
සිහිනයම පාරමිතාව කරගත් 
පුංචි හදවතක් මෙසේ 
විරහව අකුරු කල 
මතකයක්
සිහිනයට පුදලද 
වගයි!!!!  
                                             N S W
more »

Friday, December 7, 2012

මං ආදරෙයි

මං ආදරෙයි 


දේදුණු පායන අහස පුරා

නෙත් දෙකෙන් රටා අදිමි


හද පුරා පිරුණු මේ හැගුමන් එකිනෙක


සිතුවමක්ව මවමි..........................




පිණි බිංදු වැටුණු මල් පෙති සරසා



තරු අත් අකුරින් ලියමී



මුව පුරා පිරී ඇති සොදුරු වදන්



කවියක්ව ලියා තබමී............



හිරු එබී බලන සුන්දර උදයක





සුළගට රහසක් කියමී



“මං ආදරෙයි“නුඹෙ සවනට මුමුණා



හනික එන්න කියමී...................♥ ♥


                                        .....මධූ......
more »

Thursday, November 29, 2012

සත්තයි මගේ අම්මේ

සත්තයි මගේ අම්මේ 
අඩනකොට කිව්වා හැමදේම වෙන්නෙ හොදටනේ කියලා
හිනාවෙනකොට කිව්වා හැමදාටම හිනාවෙන්න කියලා
 
යනකොට කිව්වා පරිස්සමින් ගිහින් එන්න කියලා
එනකොට කිව්වා ඇයි ඔයා අද පරක්කු කියලා
බෑ කියනකොට කිව්වා තව පාරක් හිතලා බලන්න කියලා
හා කියනකොට කිව්වා ඔයා මන් කියන දේ කරන්න කවදාවත් වරදින්නේ නෑ කියලා
බලනකොට කිව්වා හැමදේම දකින්න ඒ හැමදේම හොදත් නෑ නරකත් නෑ කියලා
අහනකොට කිව්වා ඒක මටත් අහන්න දෙන්න කියලා
පරදිනකොට කිව්වා ජේසු ඔයාට යන්න පාර පෙන්නයි කියලා
දිනනකොට කිව්වා තව තව ඉස්සරහටම යන්න කියලා
....



හැමදාටම ඔයාගේ ලගින්ම ඉන්නම්

මම වෙනුවෙන් දකින හීන ඇත්තක් කරන්නම්
සත්තයි මගේ අම්මේ ....  :)  :)
                                            Oshanka-
more »

Monday, November 19, 2012

සුදු මැණික..


විටෙක ආගන්තුකවද,

විටෙක මිතුරියකවද,

ඒ සැමටම වඩා 

වෙනකෙකුගේ පෙම්වතියකව සිටි ඔබ...
අද අන් සැමටම වඩා
මම පෙම් කරන
පෙරළා මටද ආදරය නොඅඩුව දෙන 
මගේම පෙම්වතිය වී හමාරය...
එනමුදු කිසිදා 
මගේම කරගන්නට බැරි ඔබ,
සැරසෙයි මා දමා යන්නට 
ඔබේත් මගේත් 
දෙනෙතට කඳුලු දී 
සිතේ ආදරය සිර කර...
පතමි ඔබ මගේම වී
මා ඔබේම වී
ඉපදෙන්නට මතු ජීවිතයක... 
ආදරෙයි සුදු මැණික..
                                   රයන් 
more »

Wednesday, November 7, 2012

ඇයි ?....




ඔබ මාහට මෙතරම් ආලය කලේ ඇයි ?....


මා යලි ඔබ ගැන එසේ නොසිතුවේ ඇයි ?....


මා ඔබ අතහැර දැමුවේ ඇයි ?....


අතහැර දැමු පසු ඔබ ගැන සෙවීමට සිතුනේ ඇයි ?....


මා යලි ඔබ සොයා එන විට ඔබ වෙන කෙනකු සමග සිටියේ ඇයි ?....


ඔබ වෙන කෙනකු සමග සිටිනා බව දැනත් මා ඔබට ආලය කරන්නේ 

ඇයි ?....


ඔබේ සතුට නිසා හද පිරින් ඔබට 

සුබ පතා සිතින් තාමත්

මා දුක් විදින්නේ ඇයි ?....
more »

Tuesday, November 6, 2012

යලි එන්න....


මල් අතුල සිරි යහන දකින නෙත් නිදි     වරන
රැ රැහැයි හඬ පරයන්න මිලින හද ඉකි    ගසන
යලි යලිද වෙර දරන මැරුණු සිත පණ   ගන්න
තව වරක් යලි එන්න ඔබෙ සුවඳ විඳ     ගන්න



                                                            තාරක

more »

Monday, November 5, 2012

විෂකුරු දෑස්..




විෂකුරු දෑස්..


රුදුරු වදන්...



දිය රෑලි වන් දෑත්..


.
ඔබේ ආදරයද බියකරුය.


.
මරා දෑමිමක් වුවද..



මම ඔබේ ආදරයට ප්‍රිය කරමි....!


                                        තාරා
more »

සටනක අවසන

සටනක අවසන
   දෙපා වාරුව අහිමි වූ  
ඔහුට..
  දෙපා වාරුව  ඇති
  ඈ....
වරුවක් වනු දුටු
 මගේ නෙත් අග 
කඳුලක් ලැගුම් ගති
 නොදෙනුවත්වම.. 
සැබෑ වූ
  ප්‍රේමයේ අගය  
අමතක කරා වී
 ඔහුට

ඔහුගේ දෙපා
  අහිමි වග නම්..
 එයයි දිවියේ 
කටු අතර සිනාවන
 සුන්දරත්වය ....
                                      NSW
more »

Sunday, November 4, 2012

ආයි ගෙදර එන්න හිතෙනවා.......

ලෝකෙම කකුල් දෙක ගාව කඩාගෙන වැටිල  නැති උනත් මම ගෙදරට අවහම බත් ටික බෙදල අතට දීල ඔළුව අතගාන්න අම්මා ඉන්නව කියල මතක් උනහම දිවි නහගන්නේ නැතුව ආයි ගෙදර එන්න හිතෙනවා.......



                                                                                                                                               tharaka
more »

Saturday, November 3, 2012

ජැක්ගේ බෝන්චි වැල වෙන්න හිතුනා...


ඉරිතැලී වියලුනු පොලොව සීතල සුලඟක් හමාගෙන එනකන් ලොකු බලාපොරොත්තුවකින් අහස බලාගෙන හිටියා, ඒ සීතල සුලඟ එක්කම ඔන්න වැහි බින්දු එක එක අර පොලව සිපගන්නකොට තිබුනු දාහක් වේදනාවන් නැති වෙන්න පටන් ගත්තා, ඒ වැස්ස දීපු පණ නිසා ඔන්න පුන්චි පැලයක් අර තෙත් උනු පොලොවෙන් මතු උනේ වැස්ස ආපු ඒ අහසට ගිහින්  ඒ අහසෙදි මල් පූදින්න හිතාගෙන,වැස්ස වැඩි වෙන්න වෙන්න මේ පොඩි පැලේ අහස අල්ලන්න යන්න පටන් ගත්ත, ඒත් වැස්ස ටික ටික වෙනස් උනා,විදුලි කොටන්න පටන් ගත්ත අර සීතල සුලඟ තවදුරටත් සීතල උනේ නැහැ, වැස්ස වෙනස් උනා, ආපු සුලඟ ඉබේම අතුරුදහන් උනා,වැස්ස පන දීපු ඒ ජීවිතේ වැස්ස දාල යනවා,ආයිත් වැස්සක් ආවත් අහස අල්ලන්න කලින් තමන්ව දාල යන්න යයි කියල පැලේට දැන් තේරෙනවා, ජැක්ගේ බෝන්චි වැල වගේ වැස්ස එක්ක මිතුරු වෙලා අහසට යන්න හිතුවත් ඒක "මායා බෝන්චි වැලක්" කියන එක පස්සෙයි මතක් උනෙ, ඒක මායාවක්, අර පැලේ සදහටම මියැදෙන්න තීරණය කළා,,,,,,,,,




tharaka


                                                                                                                                  
more »

මගේ කඳුලේ මුල්ම පද පේලිය..



අහම්බයකින් ඔබ ලැබුනිද මට.


.. 
නැතිනම් දමා දුටුවේ සිහිනයක්ද...

එය මිරිඟුවක් ද.. 


කොනිති ගසාගෙන බැලුවෙමි මා අත..

නැහැ..!! එය ඇත්තක්..

දුටුවෙමි ඔය වත මා අසලම.. 


දුටුවෙමි ඔය මුව මා මුව අසලම..

ලං වී හුනිමි මා ඔබ ලඟම..

ඒ මතකයන් වේදනාවට මුලපුරනවා සොඳුරිය..


කන් දෙන්න මා හදට.
.

මතකද ඇසුවා ඔබ මගේ හද ගැස්ම..


ඒ හද ගැස්ම නවතින්න තැත්කරයි


දැන් දැන් ඔබ නෑ කියා මා අසල..

ඇතත් තව පද පේලි ගොතන්නට..


කඳුළු නැගෙයි මා නෙත් පිරෙන්නට...

දින තිස් එකක් හිඳිමි තවත් බලාගෙන..

ප්‍රාතිහාර්යයක්ම සිදුවන්නට පතාගෙන...

එන්න ඔබ..


දෑත් දිගු කර හිඳිමි මඟ බලාගෙන..



rayan
more »

Friday, November 2, 2012

මගේ හිත කියනවා..

මගේ හිත කියනවා.. වේදනාව දන්න කෙනෙක් තව කෙනෙක්ට වේදනාවක් දෙන්නෙ නැතිලු, ඒත් වේදනාව දන්න කෙනෙක්ම තමන්ට වේදනාවක් දුන්නොත්??
එහෙම උනත් මම වේදනාවක් එයාට දෙන්නෙ නැහැ.... මගේ හිත කියනවා....


                                                                                        

   තාරක
more »

ඉඩ දුනිමි.


ඔබගේ සුමුදු පැහැ ඒ සිහිනේ
මියැදි ඒ ගී රාවේ
විටක මා සනසාවී......
මනසේ චිත්ත රූ ඇන්දේ
ඇඟිලි දෙදරා වැටුනේ
මිදුනු සීතල යාමේ.....
උදයේ යන්න ඇ ඒ අහසේ
විදුල තටු පැ සිහිනේ
දැස උතුරා යාවී.......

                 
                                        AM තාරක 
more »

මම වැරදි ද?

සෙවනක් විණි එදා
කඳුලු පිසදා සියුම් තුඩින් අතැඟිලි
සොඳුරියේ නුඹ..
මෙදා කඳුලක් උනේ
කෙලෙසකද දරදඩුව
සොඳුරියේ නුඔ.....
සොඳුරු ලොවක් සිතුවම් කර
ඒ මතම කළු තවරා
යන්න තරම්
මා නුඹ ඇඩෙව්වාද????
more »

කතාව



මම කතාවටයි හිත යොමු කරන්නේ 

ඔබ සිත නම් හැම විට නිදි කිරන්නේ 

නිදි නැති දාට මිතුරන් ඔබ ඇද යන්නේ

බස් දොඩනවා නොව අපි කඹ අදින්නේ

                                                   SAM
more »

Thursday, November 1, 2012

ඔයා යන්න....


 ජීවිතේ හුගාක් බලාපොරොත්තු තිබ්බා..... ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ ඒ බලාපොරොත්තු හුගාක් වැඩි වුනා.... ඔයත් මට අහසට උසට මහා බලාපොරොත්තු කන්දක් දුන්නා.... ඔයා දුන්න ඒ බලාපොරොත්තු වලට ලස්සන පාට විතරක් නෙවේ ඒ හීන වලින් ඉගිල්ලෙන්න මට අත්තටුත් දුන්නා..... මමත් ඒ හීන මහා ආදරේකින් තුරුල් කරගත්තේ, බදා ගත්තේ ඒ හීන වලටත් වඩා මම ඔයාට ආදරේ කරන හින්දයි.... හිත ඇතුලෙන් ඔයා වෙනුවෙන් මහා ආදරයක් උතුරා ගලද්දි ඒ ආදරේට වාන් දාලා නවත්ත ගන්න මට බැරි වුනා.... මහ බැම්මක් බැන්දත් මට මගේ හිතේ ඔයාට තිබුණ ආදරේ නවත්ත ගන්න බැරි වෙලා තිබුනා.... 
ඒත අපි දෙන්නා එකතු වෙලා මහා ආදරේකින් ගොඩ නගපු බලාපොරොත්තු හීන අරමුණු එතකොට ආදරේ සෙනෙහස උණුහුම මේ හැමදේමඔයා මගෙන් ආපහු ගත්තා..... ඒ වෙනුවට දුක වේදනාව සංතාපය පාළුව තනිකම මගේ ළගින් තියලා ඔයා මගේ ළගින් යන්න ගිහිල්ලා..... සමහර විට ඔයා හිතන්න ඇති මට දුන්න නියම දඩුවම මාව දාලා යන එක කියලා..... 

ඇත්ත ඔයා හරියටම හරි, ඔයා මට මේ දීලා තියෙන්නේ මට දෙන්න පුළුවන් උපරිම දඩුමව.... හැබැයි මම මේ දඩුවම බාර ගන්නේ සතුටක් විදියට..... ඔයා වෙනුවෙන් කියලා මම කියන්නේ නැ.... ඒත් හදවතින් කරපු මගේ අවංක ආදරේ වෙනුවෙන් වෙනුවෙන් ඔයා දුන්න සුන්දර අතීතයත් එක්ක මගේ ඇස් පියවෙන කල් ජීවත් වෙනවා.... 
මට එක දෙයක් අදහන්න බෑ තාමත්..... මම වෙනුවෙන් කැප වෙලා පේ වෙලා හැමදේම කරලා උන්න ඔයා මේ තරම් ඉක්මනට වෙනස් වුනේ කියලා...... ඒත් ඔයා නොකියම මගේ ජීවිතේට ආවා වගේම නොකියම මගේ ජීවිතෙන් යන්න ගිහිනුත් තිබුණා.... ඔයා නැතිව මට ජීවත් වෙන්න බෑ කියලා කියන්න තරම් මම බොළද නෑ.... මම එයා නැතිව මගේ හැම ඉලක්කයකටම යනවා..... හැබැයි මගේ ජීවිතේ සර්ව සම්පුර්ණ එකක් වෙන්නේ නැති වෙයි.... ඇයි දන්නවද................? 
ඔයාට පණටත් වඩා ආදරේ කරපු මේ හිතින්, ඔයාව බදාගෙන තුරුල් කර ගත්තු මේ අත් දෙකෙන්, ඔයාගේ උණුහුම හිර කර ගත්ත මගේ හදවතින්.... මට තව කෙනෙක් ළගට යන්න බෑ..... ඔයා මගේ ළග නොහිටියත් මට වෛර කරත් මගේ හිතේ මේ ඇස් දෙක පියවෙන කල් ලියලා තියෙන්නේ ඔයාගේ නම විතරයි..... මට ඔයාව මගේ හිතෙන් එළියට ඇදලා විසික් කරන්න බෑ..... පැය ගණන් දවස් ගණන් මම වෙනුවෙන් කැප වෙලා උන්න ඔයාට දැන් මම වෙනුවෙන් කැප වෙන්න එක තත්පරයක්වත් නෑ කියලා මහ දුකක් හිතට දැනෙනවා..... 
ඔයා යන්න.... යන්නම යන්න.... හැබැයි ආයි වැරදිලාවත් මගේ ජීවිතේට එන්න එපා.... ඔයා මගේ මතකයේ හැමදාම හිටියත් ඔයාට ආපහු මගේ ළගට එන්න තහනම්.... මගේ මතකයේ ඔයාව හැමදාම තියාගෙන මගේ ජීවිතේ ගෙනියන්න මට පුළුවන්...... 
ඔයාගේ ජිවිතේ සතුට හොයන් යන්න.... මොන දේ කලත් පරිස්සම්න් ඉන්න.... 
ඔයා හැමදාම මගේ හිත ඇතුලේ ඉන්නවා..... ඒ සදාකාලිකවම..... 
එදා වගේම මම අදත් ඔයාට ආදරේයි.... ඇයි දන්නවද එදා වගේම අදත් මගේ එකම හීනේ ඔයාම විතරක් වෙන හින්දා......


                                                                                                              තාරා
more »

Friday, October 26, 2012

මා....

                         මා
                           හොරැහින් 
                       බලා ඔය
                            නෙත්
                       හමුවී
                            නතර  වේ
                       මොහොතක්...
                               හැගුමන් 
                       දහසක් 
                              මුදා හල
                       ඔය නෙත්
                             සැනකින්
                       බලාවි
                             වෙනතක්....
more »